ආපදා තත්ත්වයෙන් ආගමික සිද්ධස්ථාන 1054කට හානි

ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054 කට හානි -බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

by Staff writer 21-12-2025 | 7:52 AM

COLOMBO (News 1st) - ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානි සිදුව ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කළේ, ආගමික සිද්ධස්ථාන 33 කට ඉන් පූර්ණ හානි සිදුව ඇති බවයි.

ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.