ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 16ක් මරුට

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 16ක් මරුට

by Chathurika Jayasundara 22-12-2025 | 8:25 PM

COLOMBO(News1st) - ඉන්දුනීසියාවේ ජාවා දූපතේ මගී බස් රථයක් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 34 දෙනෙකු රැගත් බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් කොන්ක්‍රීට් බාධකයක ගැටීමෙන් පසුව පෙරළී ඇති බවයි.

අනතුර වූ ස්ථානයේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් සිට ඇති අතර , තවත් 10 දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.