.webp)
-606543.jpg)
COLOMBO (News 1st) - ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්, අද (23) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබේ.
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවත් පිරිසක් සමග, ඊයේ (22) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ දූත නියෝජිතයෙකු ලෙසය.
ආපදා හේතුවෙන් මෙරට විපතට පත් ජනතාවට, තවත් සහන පැකේජයක් ලබාදීම, එම සංචාරයේ අරමුණ වේ.
එස් ජයශංකර්, විදේශ අමාත්‍ය විජිත හේරත් සමග ද, අද සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග හමුව පැවැත්වෙන්නේ, අද පස්වරුවේදී ය.
දෙදින සංචාරය අවසන් කරමින්, අද රාත්‍රියේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මේ අතර චීන කමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ සමාජිකයෙකු මෙන්ම ෂී සැං කලාපයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන වෑන් ජුං (Z)සෙන් ඇතුළු දූත පිරිසක්ද අද මෙරටට පැමිණිමට නියමිතයි.
ඔවුන් දෙසැම්බර් 25 දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
අන්‍යෝන්‍යය සහයෝගයෙන් යුතුව ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණය.
