නත්තල් දිනයේ අධිවේගී මාර්ගවල ආදායම රු.මිලියන 54ක්

නත්තල් දිනය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක්..

by Staff writer 26-12-2025 | 12:46 PM

COLOMBO (News 1st) - නත්තල් දිනය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 54ක ආදායමක් ලැබී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඊයේ (25) දිනයේ වාහන එක් ලක්ෂ හතලිස් හයදහසක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවය.

මේ අතර නත්තල් දිනට පෙර දින අධිවේගී මාර්ගවල ආදායම 25%කින් ඉහළ ගොස් ඇත.

පෙරේදා (24) දිනයේ රුපියල් මිලියන 61ක ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම, රුපියල් මිලියන 45ක්.

සාමාන්‍ය දිනකදී අධිවේගී මාර්ගවල වාහන එක් ලක්ෂ හතලිස් පන් දහසක් ගමන් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන ලදි.
 

වෙනත් ලිපි