.webp)

COLOMBO (News 1st) - අලුත්ගම - මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදියේ ගමන් කළ ඇයගේ මව සහ පියා රෝහල්ගත කර ඇති බවය.
යතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණි.
පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවය.
