.webp)
-606896-606992.jpg)
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දින 3ක් රදවා ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන යටතේ එම රැදවුම් ලබාගත් බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
යුද හමුදාව විසින් ඔහු වෙත නිත්‍යානුකුලව නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රකාශ මත 2019 වසරේ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
