මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කෙර්

ආපදාවෙන් ජන ජීවිතය ගොඩගැනීමට මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කෙර්

by Staff writer 28-12-2025 | 9:25 PM

COLOMBO (News 1st) - ආපදා තත්වය සමග බිඳ වැටුණු ජන ජීවිතය ගොඩ නැගීමේ අරමුණින් මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දිර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා අණ පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන් එස් කුමානායකගේ අත්සනින් ය.

මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන අත්‍යාවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා මහජන හදිසි අවස්ථා තත්ත්වය යළි දීර්ඝ කිරීම අවස්ථානූකුල යැයි අදහස් කරන බවද මහජන හදිසි අවස්ථා ගැසට් නිවේදනයේ සඳහන් ය.

මේ අතර සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතාගේ අත්සනින් ය.

ඒ අනුව විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී අදාළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුලින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ පසුගිය 29වැනිදායි.