.webp)

COLOMBO (News 1st) - 2009 වසරේදී කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමකින් ය.
එලෙස අත් අඩගුවට ගෙන ඇත්තේ, වස්කඩුවේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
2009 අප්‍රේල් 15 වැනිදා සිදුවූ එම වෙඩි තැබීමෙන් රැදවියන් 6 දෙනෙකු මියගොස් 4 දෙනෙකු බරපතල තුවාල ලැබුවේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
