.webp)
-607198.jpg)
COLOMBO (News 1st) - රෝහල් හා ඔසුසැල්වලට නිකුත් කිරීමෙන් අනතුරුව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සතුව ඇති පරීක්ෂණාගාර යොදා ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ ය.
ඖෂධවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් වැඩපිළිවෙල ක්‍රියාත්මක බව බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදි.
