ලබන වසර මුලදී IMF නියෝජිතයින් පිරිසක් මෙරටට..

ලබන වසර මුලදී IMF නියෝජිතයින් පිරිසක් මෙරටට..

by Staff writer 30-12-2025 | 5:45 AM

COLOMBO (News 1st) - ලබන වසර මුලදී ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහාය.

විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය අවසන්ව ඇති අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණේ ය.

එම රැස්වීම කල්දමනු ලැබුවේ ශ්‍රී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙනි.