අමෙරිකානු සංක්‍රමණ වීසා ගැන ට්‍රම්ප්ගෙන් තීරණයක්..

අමෙරිකානු සංක්‍රමණ වීසා ගැන ට්‍රම්ප්ගෙන් තීරණයක්...

by Staff writer 15-01-2026 | 10:02 AM

COLOMBO (News1st) - විදෙස් රටවල් 75ක, අමෙරිකානු සංක්‍රමණ වීසා සැකසීමේ සහ අනුමත කිරීමේ ක්‍රියාපටිපාටිය, දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම රටවලින් අමෙරිකාවට සංක්‍රමණය වන පුද්ගලයින්, අමෙරිකානු වැසියන් සඳහා වන සුබසාධන සහ ප්‍රතිලාභ භාවිතා කරමින් අමෙරිකාවේ ධනය උකහා ගන්නා බවට අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉරානය, කුවේට්, නේපාලය, පාකිස්ථානය, රුසියාව, සහ තායිලන්තය ඇතුළු රටවල් 75ක සංක්‍රමණ වීසාවලට සම්බන්ධ සියලුම කටයුතු අත්හිටුවෙනු ඇති.

එම තීරණය බලාත්මක වන්නේ ජනවාරි 21 වැනිදා සිටයි.

කෙසේ නමුත් මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ නැහැ.