උණ්ඩ තොගයක් සමග දෙදෙනකු අත්අඩංගුවට

උණ්ඩ තොගයක් සමග රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 16-01-2026 | 7:53 AM

COLOMBO(News1st) -  උණ්ඩ තොගයක් සමග රත්මලානේ කොන්ක්‍රීට් නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ සැකකරුවන්ට අයත් ලොකර්වල තිබී එම උණ්ඩ සොයා ගෙන ඇති බවයි.

T 56 ජිව උණ්ඩ 07 ක්, T 56 හිස් උණ්ඩ කොපු 02 ක්, T 56 පුහුණු උණ්ඩ 01 ක්, 9 MM වර්ගයේ ජීව උණ්ඩ 17ක්, සොයා ගත් උණ්ඩ අතර වේ.

මීට අමතරව ඔවුන්ට අයත් ලොකර්වල තිබී උල් පිහි 02 ක් ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.