.webp)
-610147.jpg)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කරන ලිපි නිකුත් කිරීම පමණක් එහිදී සිදුකෙරෙන බවයි.
ඒ අනුව අද(14) උදෑසන 8.30 සිට පස්වරු 12.30 දක්වා කාලය තුළ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල එලෙස විවෘතව පවතිනු ඇති.
අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk වෙත පිවිස බාගත කර ගැනීමට ද පහසුකම් සලසා දී තිබේ.
එමෙන්ම, මේ දක්වා හැඳුනුම්පත් සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පාසල් අයදුම්කරුවන් වේ නම්, ඔවුන් පහත සඳහන් ලේඛන රැගෙන පැමිණිය යුතුයි.
විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත සහ අදාල ලේඛන එලෙස රැගෙන ආ යුතු වේ.
