පයාගල දුම්රිය අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට..

පයාගල දුම්රිය අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු මරුට..

by Staff writer 22-02-2026 | 12:30 PM

COLOMBO (News 1st) - පයාගල හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ තුන්දෙනෙකු අතුරින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, 22 හා 28 හැවිරිදි මහියංගන හා මොලගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.  

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා තවදුරටත් නාගොඩ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

අනතුර හේතුවෙන්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට අද උදෑසන බාධා එල්ල විය

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේවන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.