ඇමති විජිත ඉරාන,ඊශ්‍රායල විදෙස් ඇමතිවරු හා සාකච්ඡා

මැදපෙරදිග අර්බුදය ගැන ඇමති විජිත ඉරාන සහ ඊශ්‍රායල විදෙස් ඇමතිවරු සමග සාකච්ඡාවක..

by Staff writer 05-03-2026 | 8:17 PM

COLOMBO (News 1st) - ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 29,000 කට අධික පිරිසකගේ යහපැවැත්ම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍ය ගිඩියන් සා සමග සාකච්ඡා කර ඇත.

එහිදී ​ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික ලැබුණු බවත් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා කලාපීය සාමය සඳහා හදිසි අවශ්‍යතාවය පිළිබඳවත් සාකච්ඡා කළ බවත් විජිත හේරත් පවසයි.

මේ අතර විදේශ අමාත්‍ය විජිත හේරත් අද  ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාච්චි සමග වර්ධනය වන මැද පෙරදිග තත්ත්වය පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.

සතුරුකම් උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල පළ කළ අමාත්‍යවරයා කලාපීය සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයේ වැදගත්කම එහිදී නැවත අවධාරණය කර ඇත.