කිලෝ ගණන් කුෂ් සහ හෂීස් සමඟ සැකකරුවෙකු කොටුවෙයි

කටුනායක ගුවන්තොටුපළේදී දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමක්.. කිලෝ ගණන් කුෂ් සහ හෂීස් සමඟ සැකකරුවෙකු දැලේ!

by Staff writer 06-03-2026 | 11:19 AM

COLOMBO (News 1st) - කුෂ් හා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය ක්‍රිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 590 ක් සහ හෂීස් ක්‍රිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 910 ක් සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේ ය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිචිකරුවෙක්.

අද දින අළුයම කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.