.webp)
-611538.jpg)
COLOMBO (News 1st) - ලෙබනනයේ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටි ශ්‍රි ලාංකිකයින් 17 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පවසයි.
ගැටුම් හේතුවෙන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති බව තානාපති කාර්යාලය පැවසුවේ ය.
ආරක්ෂිත ස්ථානවලට යොමු කළ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව තනාපති කාර්යාලය පැවසන ලදි.
මේ වන විට ලෙබනන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 8000 කට ආසන්නය.
ඒ අනුව එම සියලු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස් මාලාවක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
