.webp)

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකමේ 6 වැනි ණය වාරිකයට පෙර කෙරෙන සමාලෝචන සාකච්ඡා සඳහා ඔවුන් එලෙස පැමිණෙන බවයි.
මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05 ක් .
මෙරට ආර්ථික කාර්ය සාධනය සඳහා IMF කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදි පුළුල් ලෙස සමාලෝචනය කරනු ඇති.
ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ, ඉන් අනතුරුව හයවැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකගතාවලට එළඹිමට නියමිත බවයි.
