දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි..

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි..

by Staff writer 15-03-2026 | 2:16 PM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.