වියළි කාලගුණ තත්ත්වයෙන් පානීය ජල ඉල්ලුම ඉහළට..

වියළි කාලගුණ තත්ත්වයෙන් පානීය ජල ඉල්ලුම ඉහළට..

by Staff writer 15-03-2026 | 2:14 PM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ඉල්ලුම ඉහළ ගොස් තිබේ.

නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ, වැඩිම පානීය ජල ඉල්ලුමක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

ඒ හේතුවෙන්, අඛණ්ඩ පානීය ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ජලය කළමණාකරණ කර බෙදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.