ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.

අසත්‍ය තොරතුරු පතුරුවන අමෙරිකානු මාධ්‍ය ආයතනවලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.

by Staff writer 16-03-2026 | 12:05 PM

COLOMBO(News1st) - අසත්‍ය තොරතුරු පතුරුවන අමෙරිකානු මාධ්‍ය ආයතනවලට එරෙහිව රාජද්‍රෝහී චෝදනා ගොනු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 


සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු චෝදනා කළේ, ඉරානය, අමෙරිකානු මාධ්‍ය හසුරුවන බවයි.

USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව ගිනිගනිමින් ඇති බවට ඉරානය කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරමින්, ට්‍රම්ප් පවසන්නේ නෞකාව දෙසට ප්‍රහාරයක් හෝ එල්ල නොවූ බවයි.

එම ප්‍රවෘත්තිය නිර්මාණය කල මාධ්‍ය ආයතන වලට එරෙහිව, රාජද්‍රෝහී චෝදනා ගොනු කලයුතු බවත්, ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර සමාලෝචනය කිරීම පිළිබඳවත්, ට්‍රම්ප් යලි අවධානය යොමු කර තිබේ.