.webp)
-612433.jpg)
ඒ එරට ක්‍රීඩා අමාත්‍යංශයෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු 11 වැනිදා සිට පසුගිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේ අක්‍රමිකතා සොයා බැලීමට පත් කර ඇති බවයි.
බංග්ලාදේශ වත්මන් ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම්ට, එම නිලවරණය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වී තිබේ.
එම නිලවරණය සඳහා නාමයෝජනා භාර දී තිබූ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල්ද චෝදනා කර ඇත්තේ වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා නිලවරණ කටයුතු සඳහා මැදිහත් වී ඇති බවයි.
නිලවරණය සඳහා නාමයෝජනා භර දීමේ කටයුතු අවස්ථා දෙකකදී දීර්ඝ කර ඇති බවටද, තමීම් එහිදී චෝදනා කර තිබේ.
කෙසේ නමුත් නිලවරණයට පෙර තමීම් ඉක්බාල් සිය නාමයෝජනා පත්‍රය ඉවත් කර ගෙන තිබිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉන් අනතුරුව තමීම් කළ චෝදනා වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් ප්‍රතික්ෂේප කළ බවයි.
නිලවරණය පැවැත්වූ අවස්ථාවේදී තමීම් ඉක්බාල් සහ ඩකා සමාජ නිලධාරීන් නිලවරණ කටයුතු සම්බන්ධයෙන් චෝදනා කර තිබිණි.
නිලවරණයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2වන කාණ්ඩයට අයත් ඩකා සමාජයේ විශාල පිරිසක් වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය "නීති විරෝධී" ලෙස නම් කළේ ය.
ඩකා ක්‍රීඩා සමාජය 2025-26 වාරයේ ඩකා ලීග් තරගාවලියද වර්ජනය කර තිබුණේ ඒ අනුවයි.
මේ පිළිබඳව සොයා බැලීමට බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවටද එරට ක්‍රිකට් ආයතනය විරෝධය පළ කර තිබේ.
ඔවුන් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයකින් පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සඳහා රජය මැදිහත් වීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රාමුව තුළ පාලන ගැටළු ඇති කළ හැකි බවයි.
