බංග්ලාදේශයට එරෙහි ක්‍රිකට් සටනේ පළමු තරගය අද....

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද...

by Staff writer 20-04-2026 | 8:02 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්දින ක්‍රිකට් තරග 3ක් සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරග 3ක් ඇතුළත්.

තරගාවලියේදී චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ නිගාර් සුල්තානා.

කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති එක්දින ක්‍රිකට් තරග 5න් 3ක් ජයගෙන තිබෙන්නේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.

එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති අතර, අනෙක් තරගය තීරණයකින් තොරව අවසන් වී තිබේ.

බංග්ලාදේශයේ රාජ්ෂාහිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද (20) පෙරවරු 09.00ට ආරම්භ වීමට නියමිතයි.