ක්‍රිකට් පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට

by Staff writer 29-04-2026 | 12:50 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන තිබේ. 

ඒ , ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස් වීමත් සමගයි.

ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බවත් නිවේදනයේ සඳහන් ය.