පෙන්ටගනයෙන් ධවල මන්දිරයට මූල්‍ය ඉල්ලීමක්

පෙන්ටගනයෙන් ධවල මන්දිරයට ඩොලර් බිලියන 200ක දැවැන්ත මූල්‍ය ඉල්ලීමක්.. -වොෂින්ටන් පෝස්ට් පුවත්පත හෙළි කරයි

by Staff writer 19-03-2026 | 11:32 AM

COLOMBO(News1st) - ඉරානයට එරෙහි යුද්ධය වෙනුවෙන්, අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, ඩොලර් බිලියන 200ක පමණ දැවැන්ත මුදලක් අනුමත කර දෙන්නැයි එරට ධවල මන්දිරයෙන් ඉල්ලා ඇතැයි වාර්තා පළ වේ..

වොෂින්ටන් පෝස්ට් (The Washington Post) පුවත්පත මෙම අනාවරණය සිදු කර ඇත්තේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමිනි. 
කෙසේ වෙතත්, යුද්ධයක් සඳහා එවැනි දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයකට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේදී අනුමැතිය ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි.