ශ්‍රීලංකන් ගුවන්සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඩො.මි175ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන්...

by Staff writer 19-03-2026 | 11:50 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අමෙරිකානු ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, අදාළ ගනුදෙනුව සඳහා 99%කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවයි.

එය ගුවන් සමාගමේ ආර්ථික ප්‍රතිසාධනයේ වැදගත් පියවරක් ලෙස සැලකෙන බව එහි සඳහන්.

අදාළ ගිවිසුම යටතේ 16%ක කප්පාදුවක් සහ නව බැඳුම්කර නිකුත් කිරීමක් සිදුකර තිබේ.

එමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට මූල්‍ය ස්ථායීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.