වංචනිකවQRකේත සකස් කරගත් පිරිස් ගැන CIDයට පැමිණිලි

වංචනික ලෙස QR කේත සකස් කර ගත් පිරිස් ගැන CIDයට පැමිණිලි.

by Staff writer 20-03-2026 | 7:18 AM

COLOMBO (News 1st) - වංචනික ලෙස  QR කේත සකස් කර ගත් පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ, ඊයේ(19) දිනයේ කිව් ආර් කේත සකස් කර ගැනීමට දුන් නව ක්‍රමය භාවිත කරමින් එම පිරිස් වංචනික ලෙස වෙනත් අයගේ වාහන සඳහා QR කේත සකස් කර ඇති බවයි.

ඊයේ දිනයේ පමණක් නව QR කේත 6 ලක්ෂයක් පමණ සකස් කර ගෙන ඇති බවද සුමුදු රත්නායක පවසයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, QR කේත ක්‍රමය මගින් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සාර්ථකව සිදු කරන බවයි.

ඒ අනුව අද(20) දිනයේ පිරවුම්හල්වලින්  ඉන්ධන නිකුත් කරන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බිංදුව සඳහන් වාහනවලට පමණයි.