ඊශ්‍රායල අගමැතිගෙන් ලෝක නායකයන්ට ඇරයුම්...

ඉරානයට එරෙහි යුද්ධයට එක්වන්නැයි ඊශ්‍රායල අගමැතිගෙන් ලෝක නායකයන්ට ඇරයුම්

by Staff writer 22-03-2026 | 6:20 PM

COLOMBO(News1st) - ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට එරෙහිව අම‍ෙරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද්ධයට සහාය දෙන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් රටවල් මේ වනවිටත් සහය දීමට සූදානමින් සිටින බව ඔහු පැවසූ අතර ජාත්‍යන්තර ප්‍රජාව මීට වඩා පුළුල් ලෙස ඊට මැදිහත් විය යුතු බවද අවධාරණය කළ බවයි.

එසේම ඉරානය සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගන්නා බවට එහිදී චෝදනා කළ, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, යුරෝපයට පවා දිගු දුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ඉරානය සතු බවට ද ප්‍රකාශ කළේ ය.