.webp)
-612801.jpg)
ඒ, 126වැනි රුහුණු මහා නිල් සටන කඩුලු 5කින් ජය ගැනීමත් සමගයි.
ශාන්ත සර්වේෂස් කණ්ඩායම මීට පෙර අවසන් වරට රුහුණු මහා නිල් සටන තරගයක් ජයගෙන තිබෙන්නේ 1971 වසරේදීය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසියේ හිමි කරගත් ශාන්ත සර්වේෂස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා මාතර ශාන්ත තෝමස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, ශාන්ත තෝමස් කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු ගණන 158කි.
ඊට පිළිතුරු ලෙස ශාන්ත සර්වේෂස් කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.
ශාන්ත සර්වේෂස් කණ්ඩායමට වඩා ලකුණු 40ක් ඉදිරියෙන් සිට තරගයේ දෙවන ඉනිම ආරම්භ කළ ශාන්ත තෝමස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත් ලකුණු ගණන 137කි.
අනතුරුව ශාන්ත සර්වේෂස් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව, කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 180ක් ලබාගත් මාතර ශාන්ත සර්වේෂස් කණ්ඩායම වසර 55කට පසු රුහුණු මහා නිල් සටන ජය ගැනීමට සමත් වුණා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ විරාන් චමුදිත ලකුණු 81ක් ලබා ගත්තා.
මාතර ශාන්ත තෝමස් කණ්ඩායම අවසන් වරට රුහුණු මහා නිල් සටන තරගයක් ජයගෙන තිබෙන්නේ 2007 වසරේදීය.
