භාණ්ඩ හා සේවා සදහා QR ගෙවිමේදී සහනයක්.

භාණ්ඩ හා සේවා සදහා QR ගෙවිමේදී සහනයක්.

by Staff writer 24-03-2026 | 3:26 PM

COLOMBO(News1st) - රුපියල් 5000ට අඩු ගණුදෙනු සදහා මුදල් යවන්නාට මෙන්ම ලබා ගන්නාටද කිසිදු අමතර ගාස්තුවක් අයකිරිමකින් තොරව QR කේතය පදනම් කර ගත් ගෙවිම් ප්‍රවර්ධනය කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ආර්ථික කාර්යක්ෂමතාව,මුල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සදහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරිම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හදුනාගෙන තිබේ.

රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු භාවිතා කරන අතර එමගින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සිමා විය හැකියි