මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්?

මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනාවැකියක්...

by Staff Writer . 27-03-2026 | 8:16 AM

COLOMBO (News 1st) - 'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැක අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩ්ස් සඳහන් කළේ, ඒ හේතුවෙන් නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ වෙනසක් සිදු විය හැකි බවයි.