කුවේට් ඉන්ධන නැවකට ඉරාන ‍ඩ්‍රෝන ප්‍රහාරයක්

ඩුබායි වරායේ තිබූ කුවේට් ඉන්ධන නැවකට, ඉරාන ‍ඩ්‍රෝන ප්‍රහාරයක්

by Staff writer 31-03-2026 | 6:54 AM

COLOMBO (News 1st) - එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නෞකාව තුළ සම්පූර්ණයෙන්ම ඉන්ධන ගබඩා කර තිබූ බවට වාර්තා වේ.

මේ හේතුවෙන් නෞකාව ගිනි ගැනීමකට ලක්ව තිබේ.

ඉන්ධන කාන්දුවක් සිදුවිය හැකි බවට මුලින් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණද මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තාවී නොමැති බව, බ්‍රිතාන්‍ය සමුද්‍රීය නිරීක්ෂණ සංවිධානය පවසනවා.