.webp)
-614476.jpg)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඉන් බොරතෙල් මෙට්‍රික් ටොන් 9750ක් රැගෙන එන බවයි.
එලෙස ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට ළඟා වන්නේ, පසුගිය මාර්තු මාසයෙන් පසුව බව, ඔහු සඳහන් කළේය.
මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, තවත් ඉන්ධන නෞකාවක් මේ මස අවසානයේ දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
මේ අතර, අමෙරිකානු බොරතෙල් නෞකාවක්, ලබන මාසයේ අග භාගයේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.
ඊට, ඉන්ධන පිරවීම මේ වනවිට සිදු කෙරෙන බව, මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේය.
එය දිවයිනට සේන්දු වීමට ගත වන කාලය, දින 45ක්.
