.webp)

COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, ගිනි අවි පවතින බවට ලද තොරතුරකට අනූව පිළියන්දල පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කළ බවයි.
එහි තිබී T 56 මැගසින් දෙකක්, ටී56 උණ්ඩ 221 ක් සහ තවත් උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චන්දන කත්‍රිආරච්චි, කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
