.webp)
-615161.jpg)
COLOMBO (News 1st) - ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රිඅභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.
1956 වසරේ ගොඩගේ ප්‍රකාශන ආයනතය ආරම්භ කරමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා සුවිශේෂි මෙහෙවරක නිරත වූ සිරිසුමන ගොඩගේ අඛණ්ඩව වසර 38 ක් වසරේ වැඩිම ප්‍රකාශන පළ කළ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා.
මාතර මාලිම්බඩ පාලටුවේදී 1936 වසරේදි උපන් සිරිසුමන ගොඩගේ බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන්වහන්සේගේ ගුරු හරුකම් මත පොත් බැඳීමේ කලාවට අවතීර්ණ වෙමින් පසුව ග්‍රන්ථ ප්‍රකාශනයට පිවිසුණි
නවක ලේඛකයින් වෙනුවෙන් ගොඩගේ අත්පිටපත් තරගාවලිය මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ ඔහු විසින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හඳුන්වා දුන් විශිෂ්ට කාර්යන් අතර වෙයි
සිරිසුමන ගොඩගේගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 4 සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතයි.
