පඤ්ඤාකර හිමි ආලෝකා ද කැටුව දිවයිනෙන් පිටව යයි

සාම පා ගමනට සහභාගී වූ පඤ්ඤාකර හිමි ආලෝකා ද කැටුව දිවයිනෙන් පිටව යයි

by Staff writer 29-04-2026 | 10:25 AM

COLOMBO (News 1st) - ​සාමයේ දූපතට වැඩකර  - සාමයේ පාගමනනේ නිරත වූ පුජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ආලෝකා ද කැටුව අද උදෑසන යළි ඇමරිකාව බලා වැඩම කළේ ය.

උන්වහන්සේ ගමන් ගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වූයේ  පෙරවරු 7.12 පමණයි

ශ්‍රී ලංකාව නොහොත් සාමය දූපත ජාත්‍යන්තරයේ අවධානයට ලක් කරමින් දින 7 පුරාවටම දඹුල්ලේ සිට කොළඹ දක්වා වැඩම කළ සාමයේ පා ගමන සමග එක්වෙන්නට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට හැකි වීම විශේෂත්වයකි.