මන්ත්‍රී අර්චුනාට ඇප...

මන්ත්‍රී අර්චුනාට ඇප...

by Staff writer 29-04-2026 | 9:13 PM

COLOMBO (News1 st) - රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදා හැරිණි.

ඒ ඔහු අද (29) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ බැන තර්ජනය කිරීමේ චෝදනා යටතේ ඔහු පසුගියදා අත්අඩංගුවට ගත්තේ යාපනය ඉලවාලෛ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මතයි.

ගිනි අවියක් පෙන්වා කාන්තාවක් බිය ගැන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී  ඔහු අත්අඩංගුවට පත්විය.

කාන්තාවක් සමග ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී මන්ත්‍රීවරයා, ගිනි අවියක් පෙන්වා තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.