.webp)
 (2)-615226.jpg)
පොලීසිය පැවසුවේ අනතුරට පත් බස් රථය ඩයගම සිට හැටන් දක්වා ධාවනය වී ඇති බවයි.
තුවාල ලැබූවන් හැටන් දික්ඔය රෝහලට ඇතුළත් කෙරිණි.
පොලිසිය සඳහන් කළේ බස් රථය හැටන් ආගරපතන මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී වෙනත් බස් රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී පස් කන්ඩියක් කඩාගෙන බස් රථය අඩි 30 ක ප්රපාතයකට පෙරලි ඇති බවයි.
තුවාල ලැබුවන් අතර කාන්තාවන් 14 දෙනෙකු,පිරිමි පුද්ගලයින් 17 දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ද වේ.
මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.
