.webp)

COLOMBO (News 1st) - ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ හඳුනාගත් කොටස් වැඩිදුර අධ්‍යයනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දීමට තීරණය කර ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේ ය.
ඊයේ රාත්‍රි සිරස ටී වි සටන වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් කෝප් කමිටුව යෝජනා සම්මතයක් කර ඇති බවයි.
