.webp)

ඒ, ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනූවයි.
එම තීරණය ගෙන ඇත්තේ, 2025 වසර සදහා ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනය මත සිදුකරන විශ්ලේෂණ අනූව වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් ආවරණය කර ගත හැකි බව, තහවුරු වීම හේතුවෙන් ය.
මේ අතර, නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදි කිරීමේදී ඇති වූ ගංවතුරින් සිදුවූ වගා හානි සදහා වන්දි ලබාදීමට ද, කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ යටතේ, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7 කදී වී වගාවට සිදුවූ හානි වෙනුවෙන් වන්දි පිරිනමනු ඇති.
ඒ සදහා වෙන්කර ඇති මුදල, රුපියල් මිලියන 1200ක්.
මේ යටතේ 2019 සහ 2020 යල කන්න සඳහා අක්කරයකට, රුපියල් 40000 ක වන්දි මුදලක් ගෙවීමට නියමිතයි.
2019 - 2020 මහ කන්නය සදහා රුපියල් 46,860ක් සහ 2020 - 2021 මහ කන්නය සදහා රුපියල් 42,150ක් අක්කරයකට ලබාදයි.
2021 යල කන්නයට ලබාදෙන මුදල, රුපියල් 49,901ක්.
2021 - 2022 මහ කන්නය සඳහා රුපියල් 58,272 ක වන්දි මුදලක් පිරිනැමෙයි.
2022 යල කන්නය සඳහා අක්කරයකට ලබාදෙන වන්දි මුදල, රුපියල් 64,102 කි.
