ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 30-04-2026 | 3:21 PM

COLOMBO (News 1st) - විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස සිදුකළ මෙහෙයුමකදීයි.

එහිදී පිස්තෝල උණ්ඩ 6 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.