.webp)
-615462.jpg)
COLOMBO (News 1st) - හබරාදූව කොක්වත්තේ නිවසකට අකුණු සැර වැදීමෙන් තරුණියක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම අකුණු සැර වැදී නිවසේ වහලය සහ බිත්තියක් කඩා වැටී ඇති බවයි.
ඉන්, එම නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි තරුණියන් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.
එහිදී බරපතල තුවාල ලැබූ 25 හැවිරිදි තරුණියක් මිය ගියේ ය.
අනෙක් තරුණිය, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
