ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ප්‍රභල අකුණු

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ප්‍රභල අකුණු

by Staff writer 03-05-2026 | 3:16 PM

COLOMBO(News1st) - උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත්, බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1 න් පමණ පසු, ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.