මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු පන්නිටියේදී අත්අඩංගුවට...

හෙරෝයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පන්නිටියේදී අත්අඩංගුවට...

by Staff writer 03-05-2026 | 5:24 PM

COLOMBO(News1st) - හෙරෝයීන්  සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති බවයි.

එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයීන් ග්‍රෑම් 120ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් පොලිස් භාරයෙට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අනෙක් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් අවුරුදු 27 සහ 28 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.