.webp)
-615480.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලය, කුවේටය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා එම අනුමැතිය අදාළ බවයි
එහිදී කටාර් රාජ්‍යයට ඩොලර් බිලියන 4.01ක් වටිනා පේට්‍රියට් ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතියක්, කුවේටයට ඩොලර් බිලියන 2.5ක් වටිනා ඒකාබද්ධ සටන් විධාන පද්ධතියක් අයත් බව සඳහන් වේ.
ඊට අමතරව, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා පිළිවෙළින් ඩොලර් මිලියන 992ක සහ ඩොලර් මිලියන 147ක වටිනාකමකින් යුත් උසස් නිරවද්‍ය ප්‍රහාරක අවි පද්ධතියක් සඳහා අනුමැතිය හිමිව තිබේ.
