ගොඩනැගිල්ලකින් වැටී රැදවියෙකු මරුට

වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් වැටී රැදවියෙකු මරුට

by Staff writer 11-05-2026 | 6:30 PM

COLOMBO(News1st) - වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් වැටී රැදවියෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක සඳහන් කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ මරණ දඩුවම ලබා එම දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියෙකු එලෙස මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, 29 හැවිරිදි පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.