හිටපු ජනාධිපති මහින්ද හෙට අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද හෙට අල්ලස් කොමිසමට

by Staff writer 11-05-2026 | 6:25 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට හෙට(12) කැඳවා තිබේ.

ඒ එයාර් බස් මිලදී ගැනීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ගත් බව කියන සිදුවීමට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

අල්ලස් මුදලින් රුපියල් මිලියන හැටක් මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට ඊට අදාල නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන කළ අනාවරණය මත පදනම්ව මහින්ද රාජපක්ෂ එලෙස කොමිසමට කැඳවා තිබේ.

ඊට අමතරව, හිටපු සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්න සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විලී ගමගේ ද එම කොමිසම හමුවට කැඳවා ඇතැයි සඳහන් වේ.