අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 7ක 3475 කට පීඩා.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 3475 දෙනෙකු පීඩාවට

by Staff writer 15-05-2026 | 10:16 AM

COLOMBO(News1st) - දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 ක පුද්ගලයින්  3475 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 1113ක් ඒ අතර වන බවයි.

වැසි සහිත කාලගුණික තත්ත්වය බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක ලෙස  රත්නපුර ,ගාල්ල ,මොණරාගල, මඩකලපුව, කළුතර ,කොළඹ සහ පුත්තලම වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

වැසි සහිත කාලගුණය තත්ත්වය හේතුවෙන් මඩකළපුව ප්‍රදේශයේ එක් පුද්ගලයකු  මියගොස් තිබෙන තිබේ.

පවතින සුළං සහිත වර්ෂා කාලගුණය හේතුවෙන් නිවාස 88කට අර්ධ හානි වාර්තා වී ඇතැයි සඳහන් වේ.

පුත්තලම කළුතර සහ රත්නපුර ප්‍රදේශවල ආරක්ෂීත ස්ථාන 8 කට පවුල් 489 ක් යොමුකර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, එහි පුද්ගලයින් 1310 දෙනෙකු ආරක්ෂිතව රැදි සිටින බවයි.