මල්වානේ නිවස ගැන අද සාකච්ඡාවක්...

මල්වානේ නිවස හා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අගමැති ප්‍රධානත්වයෙන්....

by Staff writer 18-05-2026 | 8:08 AM

COLOMBO (News 1st) - මල්වානේ නිවස සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉල්ලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (18) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා අදාළ පාර්ශව සහභාගිවීමට නියමිතයි.

ඉන් අනතුරුව, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතව ඇත.

ජනතා බදු මුදලින් සොරාගත් දේපල ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් මල්වානේ පිහිටි හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අයත් බව කියා පසුව හිමිකරුවෙකු නොමැති වූ මල්වානේ මන්දිරයට ඇතුලු වුණේ, පසුගිය 14 වැනිදායි.

සරසවි තුළ මතුව ඇති ඉඩකඩ ගැටලුවට විසදුමක් ලෙස පීඨ සංකීර්ණ සහ නේවාසිකාගාර නිසි ලෙස ස්ථාපනය කිරීමට මෙවැනි දේපල යොදා ගන්නැයි ඔවුන් ඉල්ලා සිටී.