රේල් පීලි දස දහසක් ලබන මස මෙරටට.

මුහුදුබඩ මාර්ගය සඳහා රේල් පීලි දස දහසක් ලබන මස මෙරටට.

by Staff writer 18-05-2026 | 3:32 PM

COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දිරා ගොස් ඇති රේල් පීලි වෙනුවෙන් රේලි පීලි දස දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම රේල් පීලි තොගය ලබන මස මෙරටට පැමිණීමට නියමිතයි.

රේල් පීලි දිරායාමත් සමග මුහුදුබඩ මාර්ගයේ පානදුර හා කොටුව අතර වේග සීමා පනවා ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රේල් පීලි ආනයනයත් සමග මේ වසරේ දෙසැම්බර් වන විට මුහුදුබඩ මාර්ගයේ වේගසීමා ගැටලු   70% කින් පමණ විසඳීමට හැකිවනු ඇති බවයි.

මේ අතර මුහුදුබඩ මාර්ගයේ පාලම් 7ක් නවීකරණය සඳහා ලබන මාසයේ  ටෙන්ඩර් ප්‍රදානය  කෙරෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කොම්පඤ්ඤවීදිය,  වැල්ලවත්ත, පිංවත්ත, අලුත්ගම,  ඉඳුරුව, ගිංතොට දොඩංදුව හා හික්කඩුව දුම්රිය පාලම් ඒ යටතේ නවීකරණය කිරීමට නියමිතයි.